• මුල් පිටුව
  • අප ගැන
ඉතිහාස ප්‍රවාද රොමිලා තාපර්ගේ ජාති

රොමිලා තාපර්ගේ ජාති

-

නලීන් ද සිල්වා

මහාචාර්ය නලීන් ද සිල්වා

රොමිලා තාපර් කලකට පෙර කියා තිබුණා ඉන්දියාවේ නැවතත් ආගම මත පදනම් වූ ජාතිකවාද ගොඩ නැගෙමින් පවතින බව. බටහිර සමාජයිය විද්‍යාඥයන්ට බටහිර ස්වාභාවික විද්‍යාඥයන්ට තරම් නිරවුල් ව කල්පනා කරන්න බැහැ. ලංකාව ඉන්දියාව වැනි රටවල සිටින බටහිර ස්වාභාවික විද්‍යාඥයන් යැයි කියන අයටත් එතරම් ම නිරවුල් ව කල්පනා කරන්න බැහැ. අප වැනි රටවල සිටින බටහිර සමාජයීය විද්‍යාඥයන් කියන අය ගැන කියනුම කවරේ ද? ඒ රටවල පිහිටි රාජකීය ආසියාතික සංගමයේ ශාඛාවලින් නිර්මාණය වී ඇති නව සංකල්ප කවරේ ද? මේ සංගම් බොහෝ විට මීතුරු කල්ලි. ඒවා පවුල් කල්ලි වන අවස්ථා ද නැතිවා නො වෙයි.

අපේ රටවල සිටි හා සිටින බටහිර සමාජයීය විද්‍යාඥයන් යැයි කියන අය සමාජයේ පඬියන්. ඔවුන් කියන කරන දේ ජනමාධ්‍යවේදීන් විසින් ඇගයෙනවා. ඒවාට ප්‍රසිද්ධිය ලබා දෙනවා. ඊනියා දකුණේ ද ඊනියා වමේ ද දේශපාලනඥයන් ද ඒ පඬියන්ට ඇහුම්කන් දෙනවා. සමාජයේ පිළිගැනීමක් ඇත්තේත් ජනමතය සෘජුව හෝ වක්‍රව හෝ සකස් කිරීම භාර වී ඇත්තේත් ඒ පඬියන්ට. ඒ පඬියන් කෙතරම් නැහැයි කීමට උත්සාහ කළත් අනුගමනය කරන්නේ බටහිර ස්වාභාවික විද්‍යාව. ඒත් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්. බටහිර සමාජයීය විද්‍යා බටහිර ස්වාභාවික විද්‍යා පසුපස නොන්ඩි ගසනවා.

සමාජය පිළිගන්නේ සමාජය පිළිගන්නා අදහස් දරන අය. අපේ රටවල බටහිර සමාජයීය විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය දළ වශයෙන් එක්කෝ දකුණේ නැත්නම් වමේ. ඒ වම හා දකුණ එසේ නම් කිරීමට හේතුව එංගලන්ත දේශපාලන ඉතිහාසය හාරා අවුස්සා බැලුවොත් දැනගන්න පුළුවන් වේවි. ඒත් එය එතරම් වැදගත් නැහැ. වමත් දකුණත් දෙක ම පිළිගැනෙනවා. ඊනියා සමාජයීය විද්‍යාඥයන් අතර නම් වමේ වීම තරමක ගර්වයක්. ලංකාවේ විශ්වවිද්‍යාලවලට ගොස් බලන්න.

මේ වම යටත්විජිතවාදයට විරුද්ධයි. යටත්විජිතවාදී සංකල්පවලටත් විරුද්ධ බව කියනවා. එහෙත් බටහිර සංකල්පවලට හා ප්‍රවාදවලට විරුද්ධ නැහැ. බටහිර සංකල්ප හා ප්‍රවාද සියල්ල යටත්විජිතවාදී සංකල්ප නො වේ. රොමිලා තාපර් ඉන්දිය ඉතිහාසය දෙස බලන්නේ බටහිර ඇසකින්. ඇය ඉතිහාසඥවරියක්. ඇගේ වෑයම ඉතිහාසය සමාජයීය විද්‍යාවක් බවට පත් කිරීම.  ඇය මෙරට සේවාර්ජිත මහාචාර්යවරියන්ට වඩා නම් අඩුම තරමෙන් එක් පියවරක් ඉදිරියෙන් සිටිනවා. සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරුන් හැඳින්වෙන්නේ ඉංගිරිසියෙන් නම් පැරණි ලතින් ව්‍යවහාරයක් අනුව Professor Emeritus  මහාචාර්යවරියන් සඳහා පැරණී ලතින් වචනයක් තිබූ නමුත් දැන් එය යෙදෙන්නේ නැහැ. සිංහලෙන් නම් මහාචාර්යවරිය කියා කියනවා. සේවාර්ජිත මහාචාර්යවරියන් Professor Emerita ලෙස හැඳින්වෙනවා. එහෙත් ලංකාවේ එලෙස හැඳින්වෙනු මා දැක නැහැ. තාපර් තමන් හඳුන්වාගන්නේ Professor Emerita ලෙස. ඇය එපමණකට බටහිරට හා ලතින් ව්‍යවහාරයට සලකනවා. ඇයට මෙරට ඉතිහාසඥයන් හා සමාජයීය විද්‍යාඥයන් ද සලකනවා. ලංකාවේ අනුකාරක සේවාර්ජිත මහාචාර්යවරියන්ටත් Professor Emerita ලා වන්න පුළුවන්.

තාපර්ට ප්‍රශ්නයක් වී ඇත්තේ හින්දු හා මුස්ලිම් යනුවෙන් ජාති දෙකක් ලෙස නැවතත් ඉන්දියාවේ ආගම මත පදනම් වූ ජාතිකවාද නැගී ඒම. ඇයට අනුව ඒවා යටත්විජිත සංකල්ප. ඇය ඉතිහාසඥවරියක වුවත් ඉන්දියාවේ ඉතිහාසය නොදන්නා පාටයි. පළමුවෙන් ඉංගිරිසින්ට පෙර ඉන්දියාව කියා රටක් රාජ්‍යයක් තිබුණේ නැහැ. රටක් රාජ්‍යයක් කියන ව්‍යවහාරය අනෙක් ආසියාතික භාෂාවල තියෙනවා ද කියා මා දන්නේ නැහැ. සිංහලයන්ට නම් රට හා රාජ්‍යය ගැන අවබෝධයක් තිබී ඇති බව පේනවා. රටක් (ප්‍රදේශයක්, ලංකාවේ රට කියා ප්‍රදේශවලට ව්‍යවහාර වී ඇති බව පැහැදිලියි. අටදාස් රට, රටේ මහත්තයා ආදී ව්‍යවහාර සලකන්න) තිබූ පමණින් රාජ්‍යයක් තිබීම අනිවාර්ය නැති බව දැන් මෙන් නොව නිරවුල් ව කල්පනා කළ එකල  සිංහලයන් දැන සිට තිබෙනවා. ඉන්දියාව යනුවෙන් පිහිටීමක් තිබී ඇති නමුත් රටක් තිබී නැහැ. රට ඇතිවුණේ ඉංගිරිසින් එහි පැමිණීමෙන් පසු. රාජ්‍යය ඇති වුණේ ඊටත් පසු කොල්කටාව අගනුවර කරගෙන ඉංගිරිසි යටත්විජිතය පිහිටුවාට පසු.

අතීතයේ අද ඉන්දියාව කියන ප්‍රදේශයේ තිබී ඇත්තේ රජවරුන්ගේ වාංශික රාජ්‍ය. ඒ රාජ්‍යවල වාසය කළ ජනයා රජුගේ  වංශයට අයත් විය යුතු බවට පිළිගැනීමක් තිබුණේ නැහැ. එහි ජනයාට ජාතික තබා ජනවාර්ගික අනන්‍යතාවක්වත් තිබුණේ නැහැ. භාෂා අනන්‍යතාවක් නම් තිබුණා. අදත් ඉන්දියාවේ ප්‍රාන්ත බෙදා තිබෙන්නේ මූලික වශයෙන් භාෂාව මුල් කර ගෙන. පසුව ආගමත් බලපෑවා. ඒ මූගල් අධිරාජය පිහිටුවීමෙන් පසු. ඊට පෙර රටට ම පොදු හින්දු ආගමක් තිබුණේ නැහැ. හයවැනි සියවසෙන් පසු කේරළයේ උපන් අධිශංකරාචාර්යතුමා නිසා බුදුදහමට ප්‍රතිපක්‍ෂව අද්වෛත වේදාන්තයක් ඇති වූ (නිවන වෙනුවට නිර්ගුණ් බ්‍රහ්මන්) නමුත් එය එකම ඇදහිලි ක්‍රමයක් බවට පත් ව තිබුණේ නැහැ. අදත් බෙංගාලයේ හින්දු ආගම තමිල්නාඩුවේ හින්දු ආගමෙන් වෙනස්. මූගල්වරුන් මේ සියල්ලන් හින්දු කළා. මූගල් ආගම වූයේ ඉස්ලාම්.

තාපර් කිවුවට මූගල්වරුන්ගේ කාලයේ ඊනියා ඉන්දියාවක මුස්ලිම් හා හින්දු යනුවෙන ජාතිකත්ව දෙකක් තිබුණේ නැහැ. අඩු තරමෙන් ආගම් දෙකක්වත් තිබුණේ නැහැ. පොදු හින්දු ආගමකවත්් තිබුණේ නැහැ. තිබුණේ මූගල්වරුන්ගේ සංකල්පයක් වූ හින්දු ආගමක්. එලෙස ගත් කළ හින්දු ආගම මුස්ලිම්වරුන්ගේ නිර්මාණයක්. එය ඉංගිරිසින් ඇති කළ ආගම මත පදනම් වූ ජාතියක්වත් අඩු තරමෙන් ජනවර්ගයක්වත් නො වෙයි. හින්දු යැයි කියනු ලැබූවන්ට පොදු භාෂාවක් තිබුණේ නැහැ. පොදු සිරිත් විරිත් තිබුණේ නැහැ. තාපර් ජාතිය කියා කියන්නේ මොකක් දැයි නිර්වචනය කළා නම් හොඳයි. ඉංගිරිසින් හින්දු හා මුස්ලිම් යනුවෙන් ජාති දෙකක් නිර්මාණය කෙළේ නැහැ. අදටත් එසේ නැහැ. එහෙත් අද හින්දු හා මුස්ලිම් යනුවෙන් ආගම් දෙකක් තිබෙනවා.  ඒවා එකිනෙකට ප්‍රතිපක්‍ෂයි. ඒ දෙක ම බුද්ධාගමට විරුද්ධයි. එබැවින් ඔවුන් ලංකාවටත් මියන්මාරයටත් විරුද්ධයි. තාපරුත් විරුද්ධයි.

හින්දු හා මුස්ලිම් යනුවෙන් ආගම් මත පදනම් වූ ජාති දෙකක් තාපර්ගේ මනසේ මිස වෙන කොහේවත් නැහැ. ඇය විරුද්ධ වන්නේ ඇගේ මනසෙන් තනාගත් සංකල්පයකට. ඇය එයට යටත්විජිතවාදී සංකල්පයක් යැයි කියන්නේ හින්දු සංස්කෘතියක පිහිටා නොව බටහිර ලිබරල්/වාමවාදී ආකල්ප මත පිහිටා. මේ බොරු සංකල්පවලින් අද ඉන්දියාවේ මුස්ලිම් ජනයාටවත් හින්දු කියන ජනතාවටවත් සෙතක් සාන්තියක් නැහැ. තාපර්ට බටහිර ලෝකයේ හා ලංකාවේ පුහු පඬියන් අතර පිළිගැනීමක් නම් ලැබෙනවා.

__________________________________________________________________________________
2017.04.09 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you