ඉතිහාස ප්‍රවාදඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම

-

නලීන් ද සිල්වා

මහාචාර්ය නලීන් ද සිල්වා

පෘතුගීසීන් එළවා දැමීමට, පරාජය කිරීමට සීතාවක රාජසිංහ රජුට හැකි කම තිබුණා. එකල පෘතුගීසීන්ගේ තුවක්කු  බලාගෙන හොඳ ම තුවක්කු හැදීමට සමතුන් සිංහලයන් අතර සිටියා. සිංහලයන් ශිල්පයෙහි අති දක්‍ෂයන්. යුද්ධයත් ශිල්පයක්. එහෙත් රාජසිංහ රජු තම සිංහල ප්‍රතිවාදීන්ට තැනක් දුන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කළා. කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පළා ගියේ රාජසිංහ රජු ඔහුගේ පියා ඝාතනය කළ බැවින්. හාමුදුරුවන් ද රජුට විරුද්ධ වුණා. ඒ සියල්ලන් එකතු වී පෘතුගීසීන්ට පහර දුන්නේ නම් අපට මේ වින්නැහිය සිදු වන්නේ නැහැ. රාජසිංහ රජු අරිට්ටකි වෙන්ඩු නම් තක්කඩියකුට හසු වුණා.

කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙතට ගියත් ආපසු පැමිණියා. ඇවිත් දෝන කතිරිනාත් විවාහ කරගෙන පෘතුගීසීන් එළවා කන්ද උඩරට රාජ්‍යය බිහි කළා. එය තරමක ජයග්‍රහණයක්. එහෙත් ඔහුත් රාජසිංහ රජුත් එකට සිටියා නම් පෘතුගීසීන් ගෝවට ම පළවා හරින්න තිබුණා. රාජසිංහ කෲර ද? ඔහු මරා දැමුණේ  සිංහලයන් විසින් ම ද? අපට වැදගත් වූයේ රාජසිංහ රජු ද පෘතුගීසීන් ද? කොහොමටත් අපේ අසමගිකම්වලින් ප්‍රයෝජනය ගත්තේ විජාතිකයන්. ඒ අතර දොන් ජුවන් ධර්මපාල සිටියා. ඔහු බිහි කෙරුණේත් රජ පවුලේ අසමගියෙන්. රජකම දොන් ජුවන්ට ලබා ගැනීමට රට පෘතුගීසීන්ට පාවා දුන්නා.

මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ට යටත් වුණා. යාපනය පෘතුගීසීන්ගෙන් ගලවා ගැනීමට සිංහල රජුට හැකි වුණා. අඩුම තරමෙන් අපට කන්ද උඩරට හිමිවුණා. සෙනරත් රජුට පෘතුගීසීන් එළවා දැමීමට අවශ්‍ය වුණා. ඔහු ඒ සඳහා ලන්දේසීන්ගේ සහාය ගත්තා. දෙවැනි රාජසිංහ රජු තවදුරටත් ඒ ප්‍රතිපත්තිය ගෙන ගියා. එය ඉඟුරු දී මිරිස් ගැනීම ලෙස හැඳින්වුණා. ලන්දේසීන් ගෙනා වෙල්ලාලයන් තවම ඉන්නේ තමිල්නාඩු මානසිකත්වයකින්. ලන්දේසීන් උඩරට රජුගෙන් නැගෙනහිර පළාත ලබා ගැනීමට දෙමළ වෙල්ලාලයන් යොදා ගත්තා. යාල්පානම් වෛපව මාලෙයි වැනි ව්‍යාජ ඉතිහාස පොත් ලියවා ගත්තා. වෙල්ලාලයන් ලවා ඇති කළ දෙමළ ජාතිවාදය අදත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආධාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මෝඩ සිංහලයන් නන්දිකඩාල්  කලපුවේ දී දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ බව පිළිගන්නේ නැහැ. සිංහලයන් ඒ බව නොපිළිගන්නා විට බටහිරයන්, ඉන්දියාව හා වෙල්ලාලයන් පිළිගනීවි ද? සිංහලයන් සිතන්නේ නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් පමණක් පරාජය වූ බවයි. මෝඩ සිංහලයන්ට සංකල්ප ප්‍රවාද තේරෙන්නේ නැහැ.

දෙවැනි රාජසිංහ රජුගෙන් පසු සිංහල කුමාරවරුන්ට, ඇතැම් නිළමෙලාට තෙළිඟු කුමාරිකාවන් නැතිව බැරි වුණා. කුමාරිකාවන් සමග ඔවුන්ගේ සනුහරේ පමණක් නොව සිරිත් විරිත් හා නීති ද පැමිණියා. නරේන්ද්‍රසිංහ රජු සෙල්ලක්කාරයෙක්ලු. සෙල්ලක්කාරයන්ගෙන් රටට සිදු වී ඇති වින්නැහිය අපමණයි. නරේන්ද්‍රසිංහ රජුගේ ඇවෑමෙන් පසු නායක්කාර නීතිය අනුව ඔහුගේ බිසවගේ සොහොයුරා රජ වුණා. ඔහු රජ වීමට බෞද්ධ වුණා. එහෙත් නීතිය සිරිත් විරිත් බෞද්ධ වුණේ නැහැ. ඇහැළෙපොළ කුමාරිහාමි මරා දැමුණේ නායක්කාර නීතිය අනුව. නායක්කාර රජවරු හතර දෙනකු ම අප පාලනය කළා. ඇතැම් නිළමෙලා තමන්ට අවශ්‍ය පරිදි නායක්කාර රජවරුන් පත් කර ගත්තා. ශ්‍රී වික්‍රම රාජසිංහ එවැන්නෙක්.

ඩීල් ඩොයිලි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පැමිණ රට අවුල් කළා. ඒ තමයි ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, පසුව හාවඩ්, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලවලින් රට අවුල් කිරීමේ ආරම්භය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුල දී කෙසේ වෙතත් පසුව කෲර රජකු වුණා. ඔහු සුද්දන්ට පහර දී හංවැල්ල දක්වා එළවා දැමූ බව අමතක නොකළ යුතුයි. එහෙත් ඩීල් ඩොයිලිගේ උපක්‍රම අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා උඩරට නිළමෙලා අතර ගැටුම දිග්ගැසුණා. ඇතැම් නිළමෙලාට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එළවීමට අවශ්‍ය වුණා. නිළමෙලා කොටස් තුනකට බෙදුණා. රජුට පක්‍ෂ නිළමෙලා, රජු පහ කිරීමට ඉංගිරිසින්ගේ සහාය ලබා ගැනීමට වුවමනා වූ නිළමෙලා, ඉංගිරිසින්ගේ සහායක් නැතිව රජු පහ කිරීමට අවශ්‍ය වූ නිළමෙලා ලෙස ඒ කොටස් තුන නම් කරන්න පුළුවන්. අවසානයේ දී ජයගත්තේ ඉංගිරිසින්ගේ සහාය ලබා ගත් නිළමෙලා.

ඒත් ඉංගිරිසින් නිළමෙලාට සහාය දීමෙන් පමණක් සෑහීමකට පත් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ කන්ද උඩරට රාජ්‍යය. ඩීල් ඩොයිලි ජය ගත්තා. ගිවිසුම් නොතේරෙන සිංහල නිළමෙලා ගිවිසුමක් මගින් ම රට ඉංගිරිසින්ට පාවා දුන්නා. තවමත් අපට පූර්ණ නිදහසක් ලැබී නැහැ. අවස්ථා කිහිපයක දී අප නිදහසට කිට්ටු වුණත් අපට ජය ගන්න බැරිවුණා. සුද්දන්ගේ සංකල්ප, ප්‍රවාද ඇතුළත් දැනුමෙන් අප මෙහෙයවනවා. අද බටහිරයන් හා ඉන්දියාව අප පාලනය කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගන්නවා. ඒ අතර චීනය ද රටේ කටයුතුවලට ඇඟිලි ගසනවා. නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළ සිංහල මෝඩයන් ඒ බව පිළිගන්නේ නැහැ.

ශ්‍රී ල නි පක්‍ෂයේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ අයත් ක්‍රියා කරන්නේ එකල උඩරට නිළමෙලා බොහෝ දෙනකු ක්‍රියා කළ අන්දමට. එ ජා පක්‍ෂයේ එවැනි නිළමෙලා නැහැ. එහි ඉන්නේ බටහිරයන්. ඔවුන් රටට එහි ඉතිහාසයට ගරු කරන්නේ නැහැ. ඔවුන් ඉංගිරිසින්ගේ සංස්ථාපනයේ ඇම්බැට්ටයන් පමණයි. මූලික ව බැසිල් රාජපක්‍ෂගේ ක්‍රියා නිසා මහින්දට විරුද්ධ වූ ඇතැම් නිළමෙලා බටහිර ඇම්බැට්ටයන්ගේ සහායෙන් බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට මහින්දට විරුද්ධ වුණා. ඇතැමුන් ඊනියා යුග පෙරළියක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රිපාල ඇහැළෙපොළට ඇන්දා. මෛත්‍රිපාලට රජකම හිමි වී නැති බව ඔහුටත් බටහිරයන්ට හා ඉන්දියාවට යට වූ අනෙක් නිළමෙලාටත් දැන් තේරිලා. මෛත්‍රිපාල නමට ජනාධිපති. බටහිරයන්ගේ ප්‍රධාන ඇම්බැට්ටයා වූ රනිල් රට පාලනය කරනවා.

දැන් ප්‍රශ්නය රනිල් ඉවත් කිරීම. නිළමෙලාට ඒ සඳහා එකතු වෙන්න බැහැ. චන්ද්‍රිකා උඩරට මැණිකෙ කෙනකු නොවෙයි. ඇය මහා මුදලිගේ මිණිබිරිය. ඇයට දෙමව්පියන්ගෙන් කිසිවක් හිමි වී නැහැ. ඇය ඇතැම් නිළමෙලා මෙහෙයවනවා. ඔවුන් මහින්දට විරුද්ධව වැඩ කරනවා. මහින්දගේ නිළමෙලාත් නොමග යවන අය ඉන්නවා. මේ අසමගිය නිසා රනිල් එළවා දමන්න බැහැ. කවුරු හරි හිතනවා නම් වර්ජනවලින් රනිල් පන්නා දමන්න එය හිතළුවක් පමණයි. වර්ජනත් ඩොයිලිලාගේ මිස අපේ නොවෙයි.

__________________________________________________________________________________
2017.04.29 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you