ඉතිහාස ප්‍රවාදමහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

-

නලින් ද සිල්වා

ආචාර්ය නලින් ද සිල්වා

විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග සංගත දේත් තියෙනවා. විජය වංගයෙන් ලංකාවට ආපු එක බොරුවක් නො වෙයි. විජයත් එක්ක මහා පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා. වංගයෙ (බෙංගාලයෙ – බංග්ලාදේශයෙ) පුණ්ඩ්‍රා කියල කුඩා ප්‍රාන්තයක් තියෙනවා. ඒකෙන් තමයි විජය ඇවිල්ල තියෙන්නෙ. ඒත් මහාවංසයෙ පුණ්ඩ්‍රාවක් ගැන කියැවෙන්නෙ නැහැ. ඒත් පාණ්ඩ්‍ය දේශයක් ගැන කියැවෙනවා.

විජය රජුට කුවේණියගෙන් පස්සෙ කුමාරිකාවක් ගෙනත් තියෙන්නේ ඒ පුණ්ඩ්‍රා දේශයෙන් මිසක් දකුණෙ තිබුණ පාණ්ඩ්‍ය දේශයකින් නො වෙයි. විජය රජුගෙ මල්ලි සුමිත්ත හිටියෙ කොහෙ කියල ද හිතන්නෙ. සුමිත්තගෙ පුතා පණ්ඩු වාසුදේව වුනෙ කොහොම ද? විජය වංගයෙන් එන විට මල්ලි හිටියෙ දකුණෙ පාණ්ඩ්‍ය දේශයක ද? කොහොමත් සිංහල මිනිසුන්ගෙ ජානවලත් බංගලි මිනිසුන්ගෙ ජානවලත් සම්බන්ධකමක් තියෙනවා.

විජය ඇවිල්ල තියෙන්නෙ බංගලිදේශයේ පුණ්ඩ්‍රාවෙන්. ඒ නැගෙනහිර පුණ්ඩ්‍රාව. තවත් පුණ්ඩ්‍රාවක් තිබිල තියෙනවා බටහිර. ඒකෙනුත් ලංකාවට කුමාරයො රජවරු ඇවිල්ල තියෙනවා. සෙනරත් පරණවිතාන මහතා ග්‍රීකයන් හා මෞර්යයන් ගැන ලියල තියෙන පොත කියවන්න.

ඒ බටහිර පුණ්ඩ්‍රාවෙන් සිංහල කියල ග්‍රීක කුමරියක් විවාහ කරගත් රජෙක් ලංකාවට ඇවිත් තියෙනවා. රාජාවලියෙ පණ්ඩුකාභය දෙන්නකු ගැන කියවෙනවා. ඒ.වී. සුරවීර මහතා කියන්නෙ පණ්ඩුකාභය දෙදෙනකු ගැන කීමෙන් රාජාවලිය වරදක් කරල තියෙන බව. ඒ මහාවංසයට සාපේක්‍ෂව. මහාවංසය වැරදිලා රාජාවලිය නිවැරදි වෙන්න බැරි ද? රාජාවලියෙ ගණතිස්ස කෙනකු ගැන කියැවෙනවා. මහාවංසෙ ගණතිස්ස කෙනෙක් නැහැ.

පරණවිතාන මහතා දක්වන පොත් අනුව මුටසීව හෙවත් මුරුණ්ඩ ශිව සිංහලගෙ පුතා. මුරණ්ඩ ශිවගෙ පුතා පණ්ඩුකාභය. මහාවංසයට අනුව මුටසිව පණ්ඩුකාභයගෙ පුතා. වත්මන් පරම්පරාව අහන විධියට මටත් අහන්න පුළුවන් අවුල් ද කියල. මහාවංසයයි රාජාවලියයි පරණවිතාන මහතා දක්වන පොතුයි එකතු කරල සංගත කතාවක් හදන්න පුළුවන්. ඒක පස්සෙ දවසක කරන්නන්.

අද මට තියෙන්නෙ පොඩි දෙයක්. විග්නේෂ්වරන්ට ආධාර කරන්න. මහාවංසයෙ බොරු තියෙනවා. මා නැහැයි කියන්නෙ නැහැ. එක බොරුවක් තමයි එළාර සොළී කියන එක. එළාරගෙ (රාජාවලියෙ එළාල) කාලෙ සොළී බලවත් නැහැ. එළාර සොළී නො වෙයි. මහාවංසය ලියූ කාලෙ සොළීන් තරමක් බලවත්. සොළීන් ලංකාවටත් එන්න පටන් අරන්. මහාවංසය පස් වැනි සියවස එළාර කාලෙටත් ප්‍රක්‍ෂෙපණය කරලා. එළාර සොළියකු කරලා. එළාර සොළී නොවෙයි. මහාවංසය එතැන දි බොරු. මහාවංසය බොරු කියල කියන  විග්නේෂ්වරන් නිවැරදියි.

එළාර දෙමළ කියන්න දෙමළ ජාතිවාදීන්ට තියෙන එක ම සාක්‍ෂිය මහාවංසය විතරයි. එළාර දෙමළ නොවෙයි. විග්නේෂ්වරන් නිවැරදියි. එළාර දෙමළ නොවෙයි නම් කවුද? ඔහු පර්සියන් සම්භවයක් තිබුණු අයෙක්. අර එළදෙන ඝණ්ඨාරය නාද කරපු කතා තිබුණෙ පර්සියාවෙ. සොළීන් ලඟ නො වෙයි. විග්නේෂ්වරන් නිවැරදියි. මහාවංසය එතැන දි බොරු.

පරණවිතාන මහතා හොඳ කතාවක් කියනවා. මා මේ කතා සියල්ල එකතු කරල පස්සෙ සංගත කතාවක් කියන්නම්. අශෝක රජුගෙ පියා බින්දුසාර රජු අර කලින් කී සිංහල පරද්දන්න ශස්ත්‍ර දමිඩ කියල සෙනෙවියකු යවල තියෙනවා. ඊට පසසෙ කාලෙක අශෝක රජු ශස්ත්‍ර ද්‍රමිඩගෙ පුතා මහාරිෂ්ට සෙනෙවියා ඇරල තියෙනවා උත්තිය රජුට විරුද්ධ ව ක්‍රියා මාර්ගයක් ගන්න. සිංහල රජුගෙ ඉඳන් උත්තිය රජු දක්වා අනුරාධපුර (තම්මැන්නාවෙ) රජවරු බටහිර පුණ්ඩ්‍රා දේශයත් තම්මැන්නාවත් පාලනය කරල තියෙනවා. අශෝක රජු දේවානම්පිය තිස්ස රජුට දෙවැනි අභිෂේකයක් ලබා දීල තියෙන්නෙ ඒ පුණ්ඩ්‍රා හා ඇතැම් විට ආන්ද්‍රා දේශයත් දේවානම්පිය තිස්ස රජුට අයත් බව පිළිගැනීම සඳහා වෙන්න පුළුවන්.

එළාර කියන්නෙ මහාරිෂ්ටගෙ පුතෙක්. එතකොට එළාර කියන්නෙ අර ශස්ත්‍ර දමිඩගෙ මුණුබුරා. අශෝක රජුගෙ මිනිහෙක් කියල කියන්න පුළුවන්. මෙරට යවන වගේ ම දමෙඩ මිනිසුන් ද ඉඳලා තියෙනවා. (පළමු වැනි) පණ්ඩුකාභය රජු අනුරාධපුරයෙ යවනයන්ට (ග්‍රීකයන්ට) එක් පෙදෙසක් වෙන් කරල දීල තියෙනවා. පණ්ඩුකාභයගෙ බිසව ග්‍රීක ද? පරණවිතාන මහතා දක්වන පොත්වල ඉන්න ස්වර්ණාක්‍ෂි ග්‍රීක කුමාරිය හා ස්වර්ණපාලි කියන්නෙ එක්කෙනා ම ද?

එතකොට අර දමෙඩ. දමෙඩ කියන්නෙ ශස්ත්‍ර දමිඩගෙන් පැවත එන අය. ශස්ත්‍ර දමිඩ පාටළීපුත්‍රයට ඇවිත් තියෙන්න පර්සියාවෙන්. එතකොට එළාරත් පර්සියානු සම්භවයක් ඇති දමෙඩ. දමෙඩ කියන එක දෙමළ සමග පටළවා ගෙන. එළාර සොළී කරලා. මහාවංසයෙ බොරුත් තියෙනවා. එළාර සොළී කියන එක බොරුවක් තමයි.

එළාර ධර්මිෂ්ඨ රජකු හැටියටයි මහාවංසයත් කියන්න. එහෙම නම් ඔහු දෙමළ වෙන්න බැහැ. කාම්බෝජයෙ ඇතැමුන් ආගමක් නැති කළහකාරී මිනිසුන්ට කියන්නෙ දෙමළ කියලා. සිංහල සම්ප්‍රදායෙන් වෙන්න ඕන කාම්බෝජයට ඒ ව්‍යවහාරය ලැබිල තියෙන්නෙ. කාම්බෝජ හාමුදුරුවරු ලංකාවට ඇවිත් තියෙනවා ථෙරවාදය ඉගෙන ගන්න. ඒ දහතුන් වැනි සියවසේ පමණ. ඊට පස්සෙ ලියැවුණු රාජාවලියෙ පෘතුගීසීන් හඳුන්වලා තියෙන්නෙත් දෙමළ හැටියට. අපේ ථෙරවාද සම්ප්‍රදායෙ ධර්මිෂ්ඨයන් දෙමළ වී නැහැ. කොයි විධියට බැලුවත් එළාර දෙමළ නොවෙයි. මහාවංසය බොරු කියල. විග්නේෂ්වරන් නිවැරදියි.

__________________________________________________________________________________
2019.12.17 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.20 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

ජාතික ගීය දෙමළෙන්

නලින් ද සිල්වා ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ යවන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික විධායක සභාව නමින්...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you