ඉතිහාස ප්‍රවාද පඬියන්ගේ අසංගත ඉතිහාසය

පඬියන්ගේ අසංගත ඉතිහාසය

-

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා

මා ඊයේ ලිපියෙන් පෙන්වූයේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ අසංගත කතායි. ඒවාට බොරු තර්ක කියන්නත් බැහැ. ඒ කොහොමටවත් තර්ක නො වෙයි. දෙමළ ජාතිවාදය ඇති වීම පිළිබඳ සංගත නොවන කතාවක් පඬියා ගොතන්න හදනවා. පඬියන්ට නොතේරෙනවා වෙන්න පුළුවන් මා ඉතිහාසය ඉතිහාසයස සමග සංගත විය යුතුයි කියන්නේ ඇයි ද කියා. ඉතිහාසය යම් යුගයක කතාවක් ලෙස ගත්විට ඒ කතාව යුගයේ අනෙක් කතා සමග සංගත විය යුතුයි. ඒ ඉතිහාස කතාවේ අසංගත තැන් තිබෙනවා නම් ඉන් කියැවෙන්නේ කතාව පිළිගැනීමට නොහැකි බවයි.

මෙරට ඉන්නා ඊනියා ඉතිහාසඥයන් ඉතිහාසය ඉතිහාසය සමග සංගත විය යුතු ය යන්න බටහිර විද්වතකුගෙන් අසා නැතිවා ඇති. බටහිර විද්වතකු එසේ කියා තිබෙනවා ද නැද්ද කියා මා දන්නේ නැහැ. සමහර විට එසේ කියා ඇති. එසේ කියා නැත්නම් එය මගේ වරදක් නො වෙයි. පඬියන්ට බටහිරයන් කියන දේ දේවභාෂිතය නැත්නම් සෘෂිභාෂිතය වගේ. සිංහල බෞද්ධයනට නම් ඒ දෙකෙන් එකක්වත් නැහැ. එක් පඬියකු වියුක්තය යන්නට බටහිරයන් දී ඇති නිර්වචනය ඇද බාමින් නලින් ද සිල්වා කියන දෙය මෙහි නැහැ කියනවා. එයටත් මට කරන්න දෙයක් නැහැ.

බටහිරයන් වියුක්තය යන්න නිර්වචනය කරන ආකාරයට නො වෙයි මා වියුක්තය නිර්වචනය කරන්නෙ. ඉතා කෙටියෙන් කිව්වොත් මගේ වියුක්තය හා බටහිරයන්ගෙ වියුක්තය යනු එකක් නොව දෙකක්. මා වියුක්තය යන්න පටන්ගන්නේ සංකල්ප වර්ගීකරණයකින්. එහි වියුක්ත සංකල්ප යනු මනසටවත් මවාගත නොහැකි සංකල්ප. මවාගත නොහැකි යන්නෙන් කියැවෙන්නේ නැහැ මනසට හිතෙන්නේ නැහැ කියා. මනසට හිතාගත හැකි එහෙත් මවාගත නොහැකි සංකල්ප වියුක්ත සංකල්ප.

මගේ වියුක්ත සංකල්පවලට බටහිරයන්ගේ වියුක්ත සංකල්පත් අයිති වනවා ඇති. බටහිරයන් කියන පංචෙන්ද්‍රිය ගෝචර නොවන, මනසටවත් මවාගත නොහැකි, උද්ගමනයෙන් ලැබෙන සංකල්පත් වියුක්තයි. උදාහරණ වශයෙන් ගෙඩිය කියන එක වියුක්ත සංකල්පයක්. ඒ පොල් ගෙඩියක්වත්, කෙහෙල් ගෙඩියක්වත්, දොඩම් ගෙඩියක්වත් නො වෙයි. ඒ සියළු ගෙඩිවල තියෙන පොදු ගුණය සිතෙන්, මනසින් ගත්තම අපට ගෙඩිය කියන වියුක්ත සංකල්පය ලැබෙනවා. එක දෙක තුන ආදී වශයෙන් ඇත්තෙත් වියුක්ත සංකල්ප. අඹ ගෙඩි පහක, දෙල් ගෙඩි පහක, කොස් ගෙඩි පහක, දොඹ ගෙඩි පහක තියෙන පොදු ගුණයට තමයි පහ කියලා කියන්නෙ. අඹ ගෙඩි පහක් හිතෙන් මවාගත්තට ගෙඩි පහක්වත්, පහක්වත් හිතෙන් මවා ගන්න බැහැ. කෙහෙල් ගෙඩි එකක් හිතෙන් මවා ගත්තට කෙහෙල් ගෙඩි බිංදුවක් හිතෙන් මවා ගන්න බැහැ. කෙහෙල් ගෙඩි බිංදුවක්වත් ගෙඩි බිංදුවක්වත් බිංදුවක්වත් හිතෙන් මවා ගන්න බැහැ.

මේවාට අමතර ව තවත් වියුක්ත සංකල්ප තියෙනවා. ඒ හිතෙන් මවා ගන්න බැරි හිතළු. බටහිරයන් ඒ ගැන කතා කරන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය එවැනි හිතළුවක්. එය පංචෙන්ද්‍රිය ගෝචර වන විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරු දෙදෙනෙක් ඉන්න බවට ආරංචියි එක්කෙනෙක් කැලණියෙ අනෙක් තැනැත්තා සබරගමුවෙ කියලයි ආරංචි ඒකට කමක් නැහැ. පොල් ගෙඩියට, ගෙඩිය මෙන් ගුරුත්වාකර්ෂණයට කුමක් ද? එය ක්‍ෂෙත්‍රය ද? ගුරුත්වාකර්ෂණය පොල් ගෙඩිය මෙන් හිතෙන් මවාගන්න පුළුවන් ද? හිතෙන් මවා ගැනීම හා හිතා ගැනීම කියන්නෙ දෙකක්.

ඒ කොහොම වෙතත් ඊයේ ලිපියේ සඳහන් පඬියා වියුක්තයක් ගැන කතා කර තිබුණේ නැහැ. ඔහුගේ වුවමනාව දෙමළ ජාතිවාදය ඇති වුණේ කොහොම ද කියන එකට කතාවක් ගෙතීම. එය අසංගත කතාවක්. මා පෙන්නුම් කෙළේ පඬියාගේ කතාව අසංගත බව. දෙමළ පාරම්පරික පොදු විඥානයක් නොතිබුණු බව. පඬියාට සංගත කතාවක් හදාගන්න බැහැ. කතාව සංගත නම් ඒ ගැන කල්පනා කරන්න පුළුවන්. එහෙත් බැරි නම් කළ යුත්තේ කුමක් ද?

අප කතා කරන්නේ මෑත ඉතිහාසය ගැනයි. මොන ඉතිහාසයක් වුණත් තියෙන්නෙ වර්තමානයෙ. ඒකත් මිනිසුන්ගෙ මනසෙ. මනසෙන් තොර ඉතිහාසයක්වත් නැහැ. දැන් අහන්න පුළුවන් මහාවංසය මනසේ වැඩක් ද කියලා. ඔව් මහාවංසය ලියලා තියෙන්නෙ පස්වැනි සියවසේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ නමක් කියා කියනවා. උන්වහන්සේට එකල තිබූ කතා බලපාන්න ඇති. මහාවංසය ලියා ඇත්තෙ චෝලයන් සොළී රටේ බලයට පත්වුණාට පස්සෙ. දෙමළ ද්‍රවිඩ කතා ආවෙ දෙවැනි සියවසෙන් පස්සෙ. ඒත් මහාවංසය ගැමුණු කාලෙත් වලගම්බා කාලෙත් හිටපු දෙමළ ද්‍රවිඩ රජවරු ගැන කතා කරනවා. මහාවංසෙට සාපේක්‍ෂව තමයි මහවැලි ගඟ දිගේ දෙමළ රජවරු ඉඳලා තියෙන්නෙ, වලගම්බා කාලයේ ද්‍රවිඩයන් ඇවිත් තියෙන්නෙ. මහාවංසය සමග සතුරා යන්නට දෙමළ පර්යාය පදයක් වෙන්න ඇති. අප පසුව පෘතුගීසීන්ටත් දෙමළ කියලා තියෙනවා. ඒ විතරක් නොවෙයි අපෙන් ආභාසය ලබා කාම්බෝජයේත් සතුරන්ට දෙමළ කියනවා.

මහාවංසය (එකල ජනප්‍රවාද) කරලා තියෙන්නෙ අසංගත කතාවක් නිර්මාණය කළ එක නො වෙයි. සතුරා යන්නට පර්යාය පදයක් යෙදීමයි. එයින් ඉතිහාසය අවුල් වෙන බව පිළිගන්න ඕන. අද දෙමළ ජාතිවාදීන්, අර යාපන විශ්වවිද්‍යාලයෙ කුලපති පද්මනාදන් පවා මහවැලියේ දෙමළ රජවරු ගැන කියනවා. අප කළ යුත්තේ මහාවංසය ලියා ඇති කාලය තේරුම් ගෙන අර්කථනය කිරීමයි. මහාවංසයෙ කතාව අර පඬියන්ගෙ අසංගත කතාවලට වෙනස්.

සිංහල බෞද්ධ විරෝධී පඬියන්ට බටහිරයන්ගෙ මතයක් තමන්ට තේරෙන විධියට ප්‍රචාරය කළාට තමන්ගේ ම වූ මතයක් හදාගන්න බැහැ. ඒක තමයි ඊයේ ලිපියෙන් මා පැහැදිලි කරන්න බලාපොරොත්තු වුණෙ. ඔවුන් තම අසංගත කතා කිසිම සාධකයක් නැතිව දෙසා බානවා. සමහරවිට ඔවුන් හිතනවා ඇති මෑත ඉතිහාසයට සාධක අවශ්‍ය නැහැ කියා. ඔවුන් ඊනියා මූලාශ්‍රයක්වත්  ඉදිරිපත් කරන්නේ නැහැ.

__________________________________________________________________________________
2016.04.16 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you