• මුල් පිටුව
  • අප ගැන
ඉතිහාස ප්‍රවාද ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

-

නලින් ද සිල්වා

ආචාර්ය නලින් ද සිල්වා

සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල මා දන්නෙ නැහැ. අප ජාතික ගීයක් නිර්මාණය කර ගත්තෙ ඩොමීනියන් නිදහස ලැබුණට පස්සෙ. මේ නිදහස ගැනත් කතා දෙකක් කියන්න තියෙනවා. කවුද පඬියකු කියලා තිබුණ ඕස්ත්‍රේලියාවෙත් තියෙන්නෙ ඩොමීනියන් නිදහසක් කියලත් ඒ රටේ උදවිය සතුටින් ඉන්නව කියලත්.

ඕස්ත්‍රේලියාව කියන්නෙ ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් ගිය අය පදිංචි වුණු රටක්. ඒ අය හිරකාරයොය කියල නිග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. හිරකාරයන්ගෙ වුණත් දරුවන් වැරදිකරුවන් නොවෙයි. එරට වැසි යම් ප්‍රමාණයකට එංගලන්තයෙ රැජන ගැන ගෞරවාදර හැඟීමක් තියෙනවා. ඔවුන් තම මවුරට ලෙස එංගලන්තය ගැන හිතනවා. ඒත් එරට වැසියන්ගෙන් සමහරුනට පූර්ණ නිදහස අවශ්‍යයි.

ලංකාවෙත් කාලයක් ඊනියා ප්‍රභූන් ඉංගිරිසින් අනුකරණය කරමින් එංගලන්තය ඔවුරට ලෙස හැඳින්නුවා. ඈත අතීතයේ සමහරුන්ට අවශ්‍ය වෙලා තිබුණ භාරතය මවුරට කියල හඳුන්වන්න. අප තවමත් පාළි හා සංස්කෘත මාතෘ භාෂා ලෙස හඳුන්නනවා. සිංහලයෙ ඒ භාෂාවලින් ලැබුණු වචන තියෙනවා. දෙමළෙන් හා ඉංගිරිසියෙන් පමණක් නොවෙයි පෘතුගීසි ලන්දේසි භාෂාවලින් ලැබුණු වචනත් තියෙනවා. ඒ අතර සිංහලයට ම ආවේණික වූ වචනත් තියෙනවා. ශරීරය හා සම්බන්ධ වචන බොහොමයක් එයට උදාහරණ. සංස්කෘතයට හා පාළියට සිංහලෙන් ගිය වචනත් තියෙන්න ඕන. මෙය හුදු හැඟීම් මත කෙරෙන ප්‍රකාශයක් නොවෙයි. ඉංගිරිසියෙහි අස්වැද්දුමයිස් සිංහලෙන් ගිය වචනයක්. පාළි අකාරාදියක්වත් නැහැ. සිංහලෙන් තිබූ බුදුදහම පාළියට පරිවර්තනය කිරීමේ දී සිංහල වචන පාළියට එකතු වෙන්න ඕන. සංස්කෘත කියන්නෙ පාණිනී වැන්නන්ගෙ මැදිහත්වීමෙන් තනාගත් භාෂාවක්. එය සකස්කළ භාෂාවක්. එයට විවිධ ප්‍රාකෘත භාෂාවලින් එකතු වී තිබෙනවා.  භාෂා විශාරදයන් මේ ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි.

එංගලන්තයවත් භාරතයවත් සිංහලයන්ගෙ ඊනියා මවුරටක් නොවෙයි. මෙරටට ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් පවා මිනිසුන් සංක්‍රමණය වී තියෙනවා. ඔවුන් පළමුව භාරතයට පැමිණ පසුව මෙරටට පැමිණි අය. කාම්බෝජ ජනපදය කියලා එකල කියල තියෙන්නෙ ඇෆ්ගනිස්ථානය ඉරානය (පර්සියාව) ආදී ප්‍රදේශවලට. අපේ ගාමණීලා (ග්‍රාමණේයලා) හා කාම්බෝජයන් අතර සම්බන්ධයක් තිබුණා ද?  ගාමණී කියන්නෙ රජ පෙළපතකට. ඇෆ්ගන් කියන නම අශ්ව යන්නත් එක්ක සම්බන්ධයි. එකල හොඳ ම අශ්වයන් ඉඳල තියෙන්නෙ කාම්බෝජයෙ (ඇෆ්ගනිස්ථානයෙ) හා සින්ධු දේශයෙ. අදත් අප ෙසෙන්ධව අශ්වයන් ගැන කියනවා. අර ඉසුරුමුණියෙ අශ්වාරෝහකයා හා කාම්බෝජයන් (කබොජ) අතර සම්බන්ධයක් තියෙනවා ද? ඉසුරුමුණිය බෞද්ධ වීමට පෙර කිනම් ස්ථානයක් ද?

මෙරටට විවිධ ජනවර්ග ඇවිත් තියෙනවා. ඔවුන් මිශ්‍ර වෙලා. ඒත් සිංහල කියල භාෂාවක් වෙන රටක නැහැ. සිංහල කියල ජාතියක් ජනවර්ගයක් වෙන රටක නැහැ. අප දන්නෙ විජය පැමිණීමටත් පෙර සිංහල භාෂාවෙන් (අද සිංහලෙන් ම නොවෙයි) ලියැවුණු සෙල්ලිපි ලෙන්ලිපි තිබෙන බව. මා ඊයෙත් කී පරිදි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ථෙරවාද රටවලට ගිහින් තියෙනවා. වත්මන් කාම්බෝජයට ගියෙ බටහිර භාරතය හරහා මෙරටට ඇෆ්ගනිස්ථානය වැනි ප්‍රදේශවලින් පැමිණි පැරණි කාම්බෝජයන් (කබොජ) කියල මතයක් තියෙනවා. ඔවුන් අපේ වැවු (වාපී) සංස්කෘතිය රැගෙන ගිය බවට සාක්‍ෂි තියෙනවා. මේ සියල්ල අධ්‍යයනය කරන්න ආයතනයක් පිහිටුවන්න රජය මැදිහත් වෙනවා නම් හොඳයි.

මේ ඉතිහාසය තනිකර සිංහල ඉතිහාසයක්. කවුරු ආවත් ඔවුන් අවසානයේ දී සිංහල වෙලා. ඇෆ්ගනිස්ථානයෙන් කාශ්මීරයෙන් ඉරානයෙන් බටහිර පුණ්ඩ්‍රාවෙන් මහාරාෂ්ට්‍රයෙන් රාජස්ථානයෙන් වංගයෙන් කාලිංගයෙන් කොහෙන් ආවත් ඔවුන් සිංහල වුණා. සිංහල වුණු නැති ජනකොටස් දෙකක් ඉන්නවා. එකක් දහහතර වැනි සියවසේ කේරළ තමිල්නාඩු දේශසීමාවෙන් පැමිණි මලයාලම් වචන මිශ්‍ර දෙමළ කතාකරන මුස්ලිමුන් හා ලන්දේසින් හා ඉංගිරිසින් මෙරටට ගෙන්වූ වෙල්ලාලයන් හා නැගෙනහිර කඳුකර ප්‍රදේශවල පදිංචි කළ දෙමළ කතා කරන්නන්. මුස්ලිමුන් ආගමික වශයෙන් වෙනස් නූණත් සංස්කෘතික වශයෙන් යම් ප්‍රමාණයකට වෙනස් වෙන්න පුළුවන්. අද ජා මුස්ලිමුන් කියල කියන මැලේ සම්වයක් ඇති අය එයට උදාහරණයක්.

මෙහි දී යමක් කියන්න තියෙනවා. මැලේසියාව හා අප අතරත් සම්බන්ධකම් තියෙනවා. පරණවිතාන මහතා කියා ඇති සියල්ල නොපිළිගත්තත් ඒ මහතා කියා ඇති කරුණුවල යම් ඓතිහාසික දිශාවක් පෙන්නුම් කරනවා. මලයාව හා මලය (කන්ද) අතර සම්බන්ධයක් තියෙනවා ද? මලය රටට ගියා කියන්නෙ මලයාවට ගියාය කියන එක ද? අර මහාවංසයෙත් සඳහන් වන ගිරි දිවයින මලයාව ද?

බුදුහාමුදුරුවන් යක්‍ෂයන් ගිරි දිවයිනකට යවන්නෙ නැතිව ඇති. එත් මෙරට වැසියන්ගෙන් යම් පිරිසක් මොන හේතුවක් නිසා හරි මලයාවට ගියා ද? බුදුහාමුදුරුවන් ගිරි දිවයින මෙරටට ගෙන්වා යක්‍ෂ ජනතාව පිටත්කර හැරි බව තමයි සඳහන් වෙන්නෙ. ගිරි දිවයින මෙහාට ගෙන්නුවත් අපේ යම් පිරිසක් ගිරි දිවයිනට ගියත් වෙලා තියෙන්නෙ පිරිසක් ගිය එක. ඒ අය සමග අප දිගින් දිගට සම්බන්ධකම් පවත්වල තියෙනවා. මේ ඓතිහාසික සම්බන්ධකම් නැවත ඇති කරගන්න ඕන. ථෙරවාද රටවල් ආසියාන් රටවල් බටහිර ආසියාව එකිනෙකා සමග පැවැත් වූ සම්බන්ධකම් යටත්විජිත සමයේ නැති වුණා. අද නැවතත් ඒ සම්බන්ධකම් ඇති කර ගන්න ඕන.

අද රටේ ප්‍රශ්නය දෙමළ වෙල්ලාලයන් හා මුස්ලිම් නායකයන් සිංහලයන්ගෙන් ඈත්කර තබන මුස්ලිම් හා දෙමළ කතාකරන ජනකොටස් සිංහලයන් සමග එකතු කර ගැනීමයි. අප හැමදාමත් කියා සිටියෙ ඒ නායකයන් සමග ගණුදෙනු නොකර කෙළින් ම ඒ ජන කොටස් සමග කටයුතු කරන ලෙසයි. ව්‍යවස්ථාදායක හා විධායක බලතල විමධ්‍යගත කිරීම අවශ්‍ය වන්නේ ඊනියා නායකයන්ට. සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය වන්නේ පරිපාලනය විමධ්‍යගත කිරීම. පැරණි ලංකාවෙ තිබුණෙ පරිපාලනය විමධ්‍යගත වුණු එක්සේසත් රාජ්‍යයක්. එය අද භාෂාවෙන් නම් ඒකීය රාජ්‍ය ප්‍රවර්ගයක්. දිස්ත්‍රික්කවලට පරිපාලනය විමධ්‍යගත කරන්න.

ජාතික ගීයෙ ජාතික පැත්තක් මෙන් ම ජාත්‍යන්තර පැත්තකුත් තියෙනවා. ඔය ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව ආදියහි ද දෙමළෙන් ජාතික ගීය ගයන්න ඕන ද? රටවල් කීයක ජාතික ගී විවිධ භාෂාවලින් ගයනවා ද? ඉන්දියාවෙ ඩී එම් කේ පක්‍ෂය උද්ඝෝෂණය කරල ලංකාවෙ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න කියල. නරක ද ඊට ඉස්සර වෙලා ඉන්දියාවෙ ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න කියලා මෝදිට කිවුව නම්. මෝදි මොකක් ද කිවුවෙ කියල අපටත් කියනවා ද?

අවුරුදු පහකට පමණ ඉස්සෙල්ලත් අප මේ ගැන ලියල තියෙනවා. මුහුණු පොතේ ඉන්න ජාතිකවාදීන් ඒ ගැන දන්නෙ නැතිව ඇති.  ජනමාධ්‍ය මා වර්ජනය කර ඇති නිසා වත්මන් තරුණ පරපුරට ඒ ගැන දැනගන්නත් බැහැ. ජනමාධ්‍ය ඉතා කට්ටිවාදී ව තමන්ට ප්‍රියමනාප අයට පමණක් ප්‍රචාරය ලබා දෙනවා. ව්‍යවස්ථාවෙ ජාතික ගීය ලෙස දක්වන්නෙ ශ්‍රී ලංකා මාතා ගීතයයි. එහෙත් දෙමළ පරිවර්තනයෙ එය ශ්‍රී ලංකා තායි කියල සඳහන් වෙනවා. ඉංගිරිසියෙන් ශ්‍රී ලංකා මාතා යන්න ඉංගිරිසියට පරිවර්තනය වෙලා නැහැ. ඒක හරි. ජාතික ගීය ඒ ඒ භාෂාවට පරිවර්තනය කරන එකක් නො වෙයි. ප්‍රශ්නය ජාතික ගීය දෙමළට පරිවර්තනය කරල ව්‍යවස්ථාවෙ සඳහන් කළෙ කවුද කියන එක. එය වහාම නිවැරදි කරන්න ඕන. ජාතික ගීය දෙමළ අකුරෙනුත් තියෙන්න ඕන ශ්‍රී ලංකා මාතා ලෙසයි.

සුමන්තිරන් නැතිව දෙමළ කතා කරන ජනයාට අප කතා කරන්න ඕන. ඒ අතර කළ යුතු තවත් දෙයක් තියෙනවා. ඒ නිදහස් දිනය මැයි විසි දෙක බවට පත් කිරීම. මැයි දහඅට සිට ම (නන්දිකඩාල්) අපට උත්සව ආරම්භ කරන්න පුළුවන්. අප මේ බවත් කියල හුඟක් කල්. තවත් දෙයක් තියෙනවා කරන්න. කිලිනොච්චිය, මහනුවර, තිස්සමහාරාමය. මඩකලපුව යන නගරවල බලතල සහිත පරිපාලන කාර්යාල ඇති කිරීම. ඒ අතර යාපනය හා කොළඹ අතර අධිවේගී මාර්ගයක් තැනීම හා දුම්රිය ගමනාගමනය වැඩිදියුණු කිරීම. අද අවශ්‍ය වන්නේ සිංහලයන් වැඩි පිරිසක් උතුරට යෑම. උතුරු පළාතේ ඇති බෞද්ධ සිද්ධස්ථාන මෙන් ම නැගෙනහිර පළාතේ ඇති බෞද්ධ සිද්ධස්ථාන ද ආරක්‍ෂා කරන අතර සිංහලයන් වැඩි වැඩියෙන් ඒ සිද්ධස්ථාන වන්දනා කරමින් ඒ පළාත්වල සංචාරය කරන්න ඕන.

__________________________________________________________________________________
2019.12.30 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2020.01.03 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you