• මුල් පිටුව
  • අප ගැන
ඉතිහාස ප්‍රවාද ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම

ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම

-

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා

කලකට පෙර සැමුවෙල් හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations)  කියල පොතක් ලිව්ව. ඒකෙ ජාතික චින්තනය ගැනත් ඉතා කෙටි සටහනක් තිබුණ. ගුණදාස අමරසේකර හිතුවෙ හන්ටින්ග්ටන් ජාතිකත්වය අගය කරනව කියා. නමුත් හන්ටින්ග්ටන්ට ඕන වුණෙ ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය (End of History) කියන කෘතියට පිළිතුරක් දෙන්න.

ෆුකුයාමා කියල තිබුණෙ බර්ලින් තාප්පය වැටිල ඊනියා සමාජවාදී රටවල් නැති වුණාට පස්සෙ ඉතිහාසය අවසන් කියලා. ඔහු හිතන් හිටියෙ ලිබරල්වාදයට සමාජවාදය වැනි පිටින් වූ තර්ජන ඉවරයි කියල. ඒ නිසා ලිබරල්වාදය ඉතිහාසයේ තහවුරු වී ඇති බව ෆුකුයාමා කිව්ව. ඉතිහාසය අවසන් කියල ඔහු කිව්වෙ ඒ අර්ථයෙන්. අප පටන් ගත් ඉතිහාසය ගැන සාකච්ඡාව අවසන් නැහැ. මහාවංසය ලියූ මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය ඉස්සරහට ගෙන යෑම තමයි මගේ ව්‍යාපෘතිය. ඉතිහාසය කියන්නෙ ම අනාගතය සකස් කිරීම. අනාගතය අවිනිශ්චිතයි. ඊනියා නිශ්චිතභාවය නූතනත්වයේ ලක්‍ෂණයක්. නූතනත්වය කඩා වැටීමත් සමග මේ නිශ්චිතභාවයත් කඩා වැටුණා.

එය ක්වොන්ටම් යාන්ත්‍රිකයෙ සිදු වුණා කියල තමයි බොහෝ දෙනා හිතුවෙ. අයින්ස්ටයින් දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැහැ කියල කිව්වෙ ක්වොන්ටම් යාන්ත්‍රිකයෙ අනාගතය සම්භාවිතා සමග බැඳී ඇති නිසා. ඒත් මා හිතන්නේ නිව්ටන්ගේ අභිමත නියත සමග ඒ අවිනිශ්චිත භාවය බටහිර විද්‍යාවට ඇතුළු වුණා කියලයි. අභිමත නියත නිසා නිශ්චිත නොවන්නේ අනාගතය පමණක් නොවෙයි. අතීතයත් අවිනිශ්චිත වෙනවා.

කීත් ජෙන්කින්ස් නමැත්තෙක් ඉතිහාසය යනු කුමක් ද ගැන On ‘What is History?’ යනුවෙන් පොතක් ලියල තියෙනවා. එහි ඉතිහාසයේ දාර්ශනිකයන් යැයි කියන්න පුළුවන් කාර්, එල්ටන්, රෝර්ටි හා වයිට් ගැන සඳහන් වෙනවා. එහි කියැවෙන එක් අදහසක් නම් ඉතිහාසය යනු අතීතය නොවන බවයි. ඒ අතීතය යනුවෙන් දෙයක් පවතින අර්ථයෙන් හා ඉතිහාසය යනු එක් එක් අයගේ ලියවිලි බව යන අර්ථයෙන්. මේ තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අදහස්වලින් බිඳී යෑමට බටහිරයන්ට නොහැකි බව පෙන්වන එක් තැනක්. නූතනත්වයේ ඊනියා වාස්තවිකත්වයක් තියෙනවා. ජෙන්කින්ස්ගෙ පොතේ කියන විධියට එක් වාස්තවිකත්වයක් තමයි අතීතය. ඉතිහාසය යනු ඒ ඒ අයට අතීීතය පෙනෙන ආකාරය. මා කියන්නේ අතීතය හා ඉතිහාසය යනුවෙන් වෙන් කිරීමක් කරන්න බැහැ කියා. අතීතය කියා වාස්තවික දෙයක් නැහැ. අතීතයත් කවුරුන් නමුත් ලියන කියන ඉතිහාසයක්. එයත් සාපේක්‍ෂ නිර්මාණයක්.

රෝර්ටි හා වයිට් පශ්චාත්නූතනවාදීන් ලෙසයි සැලකෙන්නෙ. ඒ කෙසේ වුවත් ඊනියා පශ්චාත්නූතනවාදයට වාස්තවික අතීතයක් අවශ්‍යයි. අප කියන්නේ අතීතය කියා වාස්තවික වූවක් නොමැති බවයි. ඇත්තේ නිර්මාණ පමණයි. ඉතිහාස යනු නිර්මාණයි. ඒ ඒ ඉතිහාසය ඒ ඒ අය විසින් ලියැවෙන්නේ. ඒ අනාගතයක් ගැනත් බලාපොරොත්තුවෙන් ලියැවෙන දේ. මහානාම හිමියන්ගේ ඉතිහාසයත් එබඳුයි. ඒ ඉතිහාසය එදා සිට පෘතුගීසීන් පැමිණි දා දක්වා ම අප ආරක්‍ෂා කිරීමට සමත් වුණා. අපේ අනාගතය සඳහා මහානාම හිමියන්ගේ ව්‍යාපෘතියට තවත් දේ එකතු කරන්න ඕන. ඒ මොනවා එකතු කළත් ඉතිහාසය අනෙක් සාධක සමග සංගත වෙන්න ඕන. විජයට පෙර මෙරට දෙමළ වාසස්ථාන තිබී යැයි කියන්න උත්සාහ දරන්නන්ට හා රාවණ දෙමළ යැයි කීමට දඟලන ඊනියා ජාතිකවාදීන්ට සංගතභාවය ප්‍රශ්නයක් වෙනවා.

නිව්ටන්ගේ අභිමත නියතවලට අවසානයේ දී අගයන් ලැබෙන්නේ නිරීක්‍ෂණ සමග සංගත වීම හරහා. එහෙත් ඉන් කියැවෙන්නේ ඊනියා වාස්තවිකත්වයක් නො වෙයි. ඒ නිරීක්‍ෂණ සාපේක්‍ෂයි. සාපේක්‍ෂ නිරීක්‍ෂණ අනුව අභිමත නියත වෙනස් වන්න පුළුවන්.

මේ කෙටි හැඳින්වීම සමග අපි හන්ටින්ග්ටන්ට ආපසු යමු. හන්ටින්ග්ටන් කියා හිටියේ ජාතිකත්ව ගැන නො වෙයි. ඔහු කියා සිටියේ ඉතිහාසය අවසන් නොවූ බවයි. එනම් අනාගතය ස්ථාවර නොවන බවයි. අනාගතය තහවුරු වී නැති බවයි. හන්ටින්ග්ටන් දුටු අනාගතයේ සිදුවන්නේ සභ්‍යත්ව අතර ගැටුමක්. ඒ ගැටුම එවකටත් ඇරඹිලා තිබුණෙ. ඒ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හා මුස්ලිම් සභ්‍යත්වය අතර. ඊයේ පෙරේදා නවසීලන්තයේ සිදු වූයේ ඒ ගැටුමේ ඉතාමත් සුළු කොටසක් පමණයි. අද ඒ ගැටුම මහා පරිමාණයෙන් බටහිර ආසියාවේ සිදු වෙනවා. යුරෝපයේත් යම් පමණක ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුමක් තියෙනවා. නවසීලන්තයේ මුස්ලිමුන් වෙන ම රාජ්‍යයක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලුවොත් බලා ගන්න පුළුවන්. අද යුරෝපයේ මුස්ලිමුන් වෙන ම රාජ්‍යයක් ඉල්ලන්නේ නැතිවත් තියෙන මුස්ලිම් විරෝධය ඊනියා ස්මාට් ජාතිකවාදීන්ට පෙනෙන්නේ නැහැ. ඊනියා ස්මාට් ජාතිකවාදීන්ට ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක් පමණයි.

ලෝකයේ ජනමාධ්‍ය විසින් කෙරෙන්නේ අනාගතය ලියා තැබීමයි. ඇතැම්  බටහිර උගතුන්  ජනමාධ්‍යයේ කාර්යය සමකාලීන ඉතිහාසය ලිවීමක් ලෙස සඳහන් කරනවා. එහෙත් ජනමාධ්‍ය යනු අනාගතය සකස් කරන මෙවලමක්. ලෝක ජනමාධ්‍ය හසුරවනු ලබන්නේ බටහිරයන් විසින්. අප කරන්නේ ඒ ජනමාධ්‍ය අනුකරණය කිරීමක් පමණයි. ජනමාධ්‍ය විසින් කෙරෙන්නේ ලෝකයේ අනාගතය හැසිරවීමක්. එහෙත් අනාගතය හැසිරවිය යුත්තේ ජනමාධ්‍යයෙන් පමණක් නො වෙයි. දාර්ශනිකයන්ගේ එක් කාර්යභාරයක් විය යුත්තේ දැකීමයි. අනාගතය දැකීමයි. එහෙත් ඔවුන් එසේ කරනවා ද යන්න ප්‍රශ්නයක්. පැරණි සෘෂිවරුන් නම් අනාගතය දැක්කා.

හන්ටින්ග්ටන්ට අනුව දැන් සිදු වන්නේ සභ්‍යත්ව ගැටුමක්. සභ්‍යත්ව ගැටුම්වලට වෙන ම රාජ්‍ය ඉල්ලීම් අවශ්‍ය වන්නේ නැහැ. අද ඇත්තේ සභ්‍යත්ව ගැටුමකට වඩා බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයේ ලෝක ආධිපත්‍යයට එරෙහිව කරන සටනක්. මුස්ලිම් සභ්‍යත්වය තමයි එහි පෙරමුණේ ඉන්නේ. ථෙරවාදී රටවලත් ඇත්තේ බටහිර ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) සභ්‍යත්ව ආධිපත්‍යයට එරෙහි සටනක්. එහෙත් ථෙරවාදී රටවල් සම්බන්ධයෙන් ගත් කළ ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව එකතු වෙනවා. මෙහි දී වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. මේ ප්‍රශ්නයේ දී ථෙරවාදී රටවල් එකතු වන්නේ නැහැ. අපි එය පසුව සාකච්ඡා කරමු.

__________________________________________________________________________________
2019.04.01 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you