• මුල් පිටුව
  • අප ගැන
ඉතිහාස ප්‍රවාද ඕල්කට් බෞද්ධයෝ

ඕල්කට් බෞද්ධයෝ

-

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා

පාණදුරා වාදයෙන් බෞද්ධයන් ජයගත්තත් සිංහල බෞද්ධ සංස්කෘතිය පරාජය විය. ඒ සමග සිංහල බෞද්ධයෝ ද පරාජය වූහ. එසේ නම් බෞද්ධයන් ජයගත්තේය යන්නෙහි තේරුම කුමක් ද? සිංහල බෞද්ධයන් ඉංගිරිසි (ඇංග්ලිකන්) ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ වුව ද ඔවුන්ට ඉන් මිදෙන්නට අවශ්‍ය වුව ද ඔවුන්ට ගිහි නායකයෝ නො සිටියහ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කළහ. එහෙත් උන්වහන්සේ ගිහි නායකයෙක් නො වූහ. උන්වහන්සේට සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව පාලන ගිහි දේශපාලනය අකැප විය. 1865 දී බද්දේගම ඇරඹුණු පංච මහා වාද මෙරට යටත්විජිත විරෝධී අරගලයේ කොටසක් විය. කොටහේනේ දීපදුත්තාරාමයේ පෙරහැරට බාධා කළ විට ගුණානන්ද හිමියෝ පොලුවල දැවටු බෞද්ධ කොඩි ගෙන යන පිරිස් පෙරහැරට ඇතුල් කළහ. ඒ පොලු හුදෙක් කොඩි රඳවා ගැනීමට පමණක් නො වී ය. උන්වහන්සේ ඇතැම් අවස්ථාවක කොළඹට පැමිණ ඇත්තේ රාත්‍රි කාලයේ බයිසිකලයක් පැදගෙන ය. අද ජීවත්වන ඕල්කට් බෞද්ධයන්ට අනුව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් භික්‍ෂූන් වහන්සේ නමකට ඔබින ලෙස ක්‍රියාකර නැත. උන්වහන්සේ කිසිම විදේශීය බලවතකුගේ අතකොළුවක් නොවූ බව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එහෙත් උන්වහන්සේගේ වාදවලින් අවසානයේ දී ජයගත්තේ ඕල්කට් බෞද්ධයන් ය. ඒ නිසා ම එය ඉතා සීමිත ජයක් විය.

පාණදුරෙ රංකොත් විහාරයේ බණමඩුව සාමාන්‍ය පන්සලක බණමඩුවක් මෙන් නො වී ය. එහි කොට බිත්ති නොතිබුණු අතර එය ශාලාවක් විය. බණ මඩුව ධර්ම ශාලාවක් බවට පත්විය. ධර්ම ශලාවේ උපාසක උපාසිකාවෝ පැදුරුවල නොව බංකුවල වාඩි වී බණ ඇසූහ. පසු කලෙක බම්බලපිටියේ වජිරාරාමයෙන් පැයේ ගුවන් විදුලි බණ ඇරඹිණි. අද ධර්ම ශාලාවල බණ පැයට සීමා වී ඇත. ගමේ කෙසේ වෙතත් අද නගරයේ ශාස්ත්‍රීය බණ ද ඇත. ශාස්ත්‍රීය බණ අසා ශාස්ත්‍රීය උපාසකවරු බටහිර විද්‍යාව සමග බුදු බණ ගැට ගසා බටහිර වෙළෙඳ ආර්ථිකයක විද්‍යාත්මක ව ධනය උපයති. අද විද්‍යාත්මක බෞද්ධයන්ට අයින්ස්ටයින් බුදුදහම ගැන ප්‍රකාශ කර ඇතැයි කියන දේ ඉතා වැදගත් ය. එහෙත් අයින්ස්ටයින් පුනබ්භවය විශ්වාස කෙළේ දැයි ඔවුහු නො විමසති. අයින්ස්ටයින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ගැන කීවේ කුමක් දැයි ඔවුහු නො දනිති. ඔහු නිත්‍ය වූ ද, ආත්මයක් සහිත වූ ද විශ්වයක් ගැන විශ්වාස කෙළේ ද? ඔහු දුක්ඛ යනු කුමක් දැයි නොදැන සිටි බවට නම් සැකයක් නැත.

පාණදුරා වාදය පැවැත්වෙන විටත් මෙරට ඕල්කට් බෞද්ධයෝ සිටියහ. සංකල්පයක් යනු කුමක් දැයි නොදන්නා පඬියන් ඕල්කට්තුමා පැමිණියේ පාණදුරා වාදයට පසුව යැයි කීමට ඉඩ ඇත. මා ඕල්කට් බෞද්ධයන් ගැන ලියූ මුල් දිනවල එක් අයකු මා සමග වාදයට පැමිණියේ මා ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් පිහිටු වූ පාසල්වල ඉගෙන ගත් අය ඕල්කට් බෞද්ධයන් ලෙස හඳුන්වා දී ඇතැයි සිතමිනි. ඕල්කට් බෞද්ධයෙක් යනු සිංහලකම නැති මෙරට බෞද්ධ වූ සිංහලයෙකි. ඇතැමකු එයට ද විරුද්ධ වනු ඇත්තේ බෞද්ධයනට ජාතියක් නැතැයි කියමිනි. සිංහල බෞද්ධයකු එවැන්නකුට ජාතියක් ජන්මයක් නැති එකෙකැයි කීමට ඉඩ ඇත. ඕල්කට් බෞද්ධයෝ ඊනියා ජාත්‍යන්තර බෞද්ධයෝ වෙති.

පංච මහා වාදවලට මුදල් වියදම් කළ බෞද්ධයන් බොහෝ දෙනකු ඕල්කට් බෞද්ධයන් යැයි මම සිතමි. පාණදුරේ එවැන්නෝ අරක්කු රේන්දය, මිනිරන් පතල්, රබර් වතු ආදී ඉංගිරිසි වෙළෙඳ ආර්ථිකය නිසා ධනවත් වූ අය වූහ. ඔවුන් බොහෝ දෙනකු බුද්ධාගම අත්හැර ක්‍රිස්තියානි ආගම් (ඇංග්ලිකන්, මෙතෝදිස්ත ආදී) වැළඳ නොගැනීම පිළිබඳ ඔවුන්ට අපේ කෘතඥතාව හිමි විය යුතු ය. ඔවුහු පසු කලෙක ‘බෞද්ධ’ පාසල් ඇති කළහ. කොළඹ විශාකා විදුහල ද ඒ එක් පවුලක් විසින් ඇති කෙරිණි.   මගේ මව ද පියා ද මම ද මගේ සහෝදර සහොදරියෝ ද පාණදුරේ පිහිටුවන ලද මේ පාසල්වල ඉගෙන ගත්තෙමු. මගේ මව සිය සම්පුර්ණ අධ්‍යාපනය ලබා පසුව විශ්‍රාම යන තුරු ම ගුරුවරියක ලෙස සේවය කර ඇත්තේ් ඉන් එක් පාසලක ය. මගේ පියා ඒ පාසල්වල උගන්වා ප්‍රධානාචාර්යවරයා (දැන් කියන ආකාරයට නම් විදුහල්පති) ලෙස ද සේවය කර ඇත. අපට ඒ පාසල් සමග දැඩි සම්බන්ධයක් ඇත. අපි ඒ පාසල් පිහිටු වූ අයට කෘතඥ වෙමු. එහෙත් අවසානයේ දී මා බිහි කෙරුණේ ඒ පාසල්වලින්වත් මා පසුව අධ්‍යාපනය ලැබූ කොළඹ පාසල්වලින්වත් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය මගිනි, සිංහල බුද්ධාගමෙනි.

අරක්කු රේන්දයෙන් ඉපයූ ධනය පාණදුරා වාදයටත් ‘බෞද්ධ’ පාසල්වලටත් වියදම් කිරීම සුදුසු දැයි ඇසිය හැක්කේ ඇරිස්ටෝටලීය න්‍යායේ හිර වූ ඕල්කට් බෞද්ධයකුටය, නැත්නම් ඊනියා රාජ්‍ය නොවන පඬි පුස්සකුට හෝ විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ඊනියා පර්යේෂණ ආයතනයක හෝ සේවය කරන පුහු පඬියකුට ය. චතුස්කෝටික න්‍යාය දන්නා සිංහල බෞද්ධයකුට යුද්ධ කිරීම මෙන් ම එය ද ප්‍රශ්නයක් නො වේ. එහෙත් ප්‍රශ්නය වූයේ මේ පාසල් බෞද්ධ නො වීම ය, පාණදුරා වාදය සිංහල බෞද්ධයන්ෙගේ නොව ඕල්කට් බෞද්ධයන්ගේ වාදයක් වීම ය. මේ වාදය පිටුපස සිටි ප්‍රභූහු ක්‍රිස්තියානි ආගම වැළඳ නොගත්ත ද සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවට යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් (මෙතෝදිස්ත ද ඇතුළු) සංස්කෘතිය වැළඳ  ගත්තෝ වූහ.

ගුණානන්ද හිමියන් සිංහල බෞද්ධ වුවත් පාණදුරා වාදයේ ගිහි අනුග්‍රාහකයෝ ඕල්කට් බෞද්ධ වූහ. වාදයට මූලික වී යැයි කියන්නේ පාණදුරේ මෙතෝදිස්ත පල්ලියේ පූජකවරයා වූ දාවිත් ද සිල්වා දේවගැති තැන එම පල්ලියේ දී බුද්ධාගමට විරුද්ධව කරන ලද ප්‍රකාශ ය. වාදය ආත්මවාදය නිවන ආදිය වටා විය. දාවිත් ද සිල්වා දේවගැතිවරයා ආත්මයක් ඇතැයි තර්ක කෙළේ ය. නිවන ගැන ප්‍රශ්න කෙළේ ය. ඔහු විදග්ධයෙක් විය. රැස්ව සිටි දහස් ගණනක් පිරිස (ඔවුන් බස් යොදා අද්දා ගත් අය නොවීම මෙහි විශේෂ ලක්‍ෂණයකි. ස්වේච්චාවෙන් පැමිණි ඔවුහු දින දෙකක් ඉතා සංසුන්ව සාවධානව විවාදය නැරඹූහ. අවසානයේ දී සාධුකාර දී විසිර ගියහ.) ගුණානන්ද හිමියන්ගේ  විදග්ධ නොවූ භාෂා ශෛලියෙන් වශී වූහ. දාවිත් ද සිල්වා පූජක තැනට ඒ ශෛලිය අනුගමනය කිරීමට නොහැකි වූ බෑවින් ඇග්ලිකන් පල්ලියේ ගිහි දේශකයකු වූ සිරිමාන්න නමැත්තකු කැඳවා ඇත. එහෙත් ඒ කිසිවකුට ගුණානන්ද හිමියන් සමග වාද කිරීමට නොහැකි වී ඇත. මෙහි දී කිව යුත්තක් නම් සිංහල බෞද්ධයන්ට භික්‍ෂූන් වහන්සේ හැරෙන්නට අනෙක් සියල්ලන් ම ගිහියන් බව ය. සිංහල බෞද්ධ ගුණානන්ද හිමියන් හා වෙනත් භික්‍ෂූන් වහන්සේගේ පිහිටෙන් ඕල්කට් බෞද්ධයෝ ජයග්‍රහණය කළහ.

__________________________________________________________________________________
2016.04.25 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________
පෙර ලිපියෙන්ඉතිහාසය හැදෑරීම
ඊළඟ ලිපියපාණදුරා වාදය

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you