• මුල් පිටුව
  • අප ගැන
ඉතිහාස ප්‍රවාද ඉතිහාසය හැදෑරීම

ඉතිහාසය හැදෑරීම

-

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා

මා පාසලේ ඉතිහාසය ඉගෙන ගත්තේ නව වැනි පංතිය දක්වා පමණයි. පාසලේ දී හය, හත, අට, නවය පංතිවල පෘතුගීසීන් පැමිණීමෙන් පස්සෙ ලංකා ඉතිහාසය, ඉංගිරිසි (එංගලන්ත) ඉතිහාසය හා සෙසු ආසියාවේ හා යුරෝපයේත්, ඇමරිකාවේත් ඉතිහාසය ඉගෙන ගත්තා. එකල ඉතිහාසය මගේ ප්‍රියතම විෂයයක්. ගණිතයට හා වියුක්ත  භෞතික විද්‍යාව හැරුණු විට මා පාසලේ දී වඩාත් ම ප්‍රිය කෙළේ ඉතිහාසයට හා සිංහල භාෂාවට හා සාහිත්‍යටයි. බටහිර භෞතික විද්‍යාව හා ගණිතය හැදෑරීමට පසුව යොමු වුවත් ඉතිහාසයට තිබූ ඇල්ම නැතිවුනේ නැහැ. ඉතිහාසයත් එක්තරා ආකාරයකින් ගත්කළ වියුක්තයි. දර්ශනයත් එසේමයි. ඒ විෂයවල යම් අර්ථ නිරූපණයකුත් තිබෙනවා. බොහෝ දෙනා නොසිතුවත් බටහිර ගණිතයේත්, භෞතික විද්‍යාවේත් අර්ථ නිරූපණ තිබෙනවා. ක්වොන්ටම් භෞතිකයේ ඒ බව ප්‍රසිද්ධියේ ම පිළිගැනෙනවා. කෝපන්හේගන් විවරණය නැත්නම් අර්ථ නිරූපණය ගැන බොහෝ දෙනා අසා ඇති නමුත් එසේ නිරූපණයක් ඇති වීමට හේතුව මොකක් ද කියලා කල්පනා කරන්නේ නැහැ. ඉතිහාසය කියන්නෙ කටපාඩම් කිරීමට තියෙන දත්ත ටිකක් පමණක් නොවෙයි කියන එක සිසුන්ට කියා දෙන්න ඕන. ඊට ඉස්සෙල්ලා ඉතිහාසය විෂයයක් හැටියට උගන්වන්න පටන්ගන්න ඕන.

මෙරට දෙමළ ජනයා කියන්නෙ තමන් සිංහලයන්ට ඉස්සෙල්ල ලංකාවෙ හිටියයි කියලා. ලංකාවෙ තිබුණු ඊශ්වර දේවාල හතරක් ගැන ඔවුන් කියනවා. මේකෙන් ඔවුන් කියන්න හදන්නෙ මේ රටේ දෙමළ ජනයා බොහෝ කාලෙකට ඉස්සෙල්ල ස්ථිර ව පදිංචි වෙලා හිටිය කියන එක. මහාවංශය කියන විධියට සිංහලයන් විජයගෙන් හා පිරිසගෙන් පැවත එන්නන්. ඒත් විජයට පෙර මෙරට වැසියන් හිටපු බවට සාධක තියෙනවා. කොහොමටත් මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මහා භයානක ප්‍රශ්නයක්. මොනවද මේ සාධක කියන්නෙ? අර්ථ විවරණවලින් තොර සාධක තියෙන්න පුළුවන් ද? ඒක දාර්ශනික ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නය ඒ ඒ රටවලට, ප්‍රදේශවලට මිනිසුන් පදිංචියට ආවෙ කවදද කියන එක? ලංකාවට ආවෙ කවදද කියන එක ඒ ප්‍රශ්නයේ විශේ’ෂ අවස්ථාවක් පමණයි. එහි තවත් මූලික ප්‍රශ්නයක් තිබෙනවා. මිනිසුන් ඒ ඒ රටවල අවුරුදු කෝටි ගණන් හිටියෙ නැද්ද? අප සියළු දෙනාම අප්‍රිකාවෙන් විසිරුණු අය ද? එහි යම් ආකාරයක මුලක්, ආරම්භයක් දකින්නට නොහැකි ද? ඒකත් දාර්ශනික ප්‍රශ්නයක් වෙනවා.

ඊයෙ පෙරේදා මට මුහුණු පොත මගින් ඇමරිකාවෙ ස්වදේශිකයන් ගැන ලියපු ලිපියක් කියවන්න ලැබුණා. ඇමරිකාවෙ ඉතිහාසය ලියලා තියෙන්නෙ සුද්දන්. ඒ කියන්නෙ යුරෝපයෙන් එහි පදිංචියට ගිය අය. ඔවුන් එහි ගිහින් අවුරුදු පන්සියයක් පමණ වෙනවා. ඒ කොලම්බස්ගෙ කතාව අනුව. කොලම්බස් ගියේ ඉන්දියාවට යන්න. ලෝකෙ රවුම් කියලා දැනගත්තට පස්සෙ යුරෝපීයයන් හිතුව බටහිරට ගිහින් ඉන්දියාවට යන්න. ඒ කාලෙත් ඉන්දියාව කියන රට නැතිවුනත් නම තියෙන්න ඇති. ඉන්දියාව රටක් හැටියට නම් කෙරුණෙ ඉංගිරිසින් විසින්. නමුත් ඉන්දියාව කියන ප්‍රදේශයක් එයට කලින් තියෙන්න ඇති. එසේ නැතිව ඉංගිරිසින් ඉන්දියාව කියන වචනය අළුතෙන් ම හැදුවා නොවෙයි. කොහොමත් සින්ධ් කියන නම ප්‍රසිද්ධ ව තියෙන්න ඇති. ග්‍රිසියෙ රජවුනු මැසිඩෝනියාවෙ ඇලෙක්සැන්ඩර් රජුත් ඉන්දියාවක් පැත්තට ඇවිත් තියෙනවා. අප ග්‍රීකයන්ට ඒ කාලෙ කිවුවෙ යෝන කියලා. මිලින්ද ප්‍රශ්නයේ මිලිඳු රජු ග්‍රීසියෙන් පැමිණි රජෙක්. මැගලන් ලෝකෙ වටේ යන්න ඉස්සෙල්ලා චීනුන් ගිහිල්ල තියෙනවා.

සුද්දන්ගෙ ඉතිහාසය අනුව රතු ඉන්දියානුවන් හෙවත් ඇමරිකාවෙ ස්වදේශිකයන් ඇමරිකාවට ගිහිල්ල තියෙන්නෙ ආසියාවෙන් අවුරුදු දොළොස්දාහකට පමණ පෙර. සුද්දන්ට ඕන ඇමරිකාවෙ ස්වදොශිකයන් ද තමන් වගේ ම පිිටින් ආපු අය බව කියන්න. මාත් හිතන් හිටියෙ එහෙමයි. එහෙත් ඇමරිකාවෙ ඇම්හර්ස්ට්හි මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයෙහි ස්වදේශික ඇමරිකානු අධ්‍යයනයන් පිළිබඳ අධ්‍යක්‍ෂවරිය වන ස්ටීව්ස් මහත්මිය කියන විධියට ස්වදේශික ඇමරිකානුවන්ගෙ ඉතිහාසය අවුරුදු හැටදාහකට වැඩියි. සමහරවිට අවුරුදු ලක්‍ෂයක් වන්නත් බැරි නැහැ. ඇයත් ස්වදේශික ඇමරිකානු කාන්තාවක්. මෙහි වැදගත් කරුණු කිහිපයක් තියෙනචා. මේ විශ්වවිද්‍යාලයෙහි චාන්සලර්වරයා (කුලපති ද උපකුලපති ද යන්න පැහැදිලි නැහැ) නම අනුව නම් ඉන්දිය සම්භවයක් ඇති තැනැත්තෙක්. මේ විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධියක් සඳහා පර්යේෂණ කරන්න පුළුවන්. එයට වඩා වැදගත් ස්ටීව්ස්ට පුරාවිද්‍යාඥවරියක ලෙස පිළිගැනීමක් තිබීමත් ඇය තම ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කර ඇත්තේ ස්වදේශික ඇමරිකානු ඉතිහාසය ගැනවීමත් එහි දී ඇය ස්වදේශික ඇමරිකානුවන්ගේ විධික්‍රම හා ප්‍රවාද යැයි කිවහැකි දේ යොදා ගෙන තිබීමත්.  බටහිර විද්‍යාත්මක යැයි කියාගන්නා විධික්‍රම වෙනුවට මේ ක්‍රම යොදා ගැනීමට මුල දී විරුද්ධතා තිබු ඇති නමුත් පසුව ඇමරිකානුවන් ඇයට ඒ සඳහා අවසර දී තිබෙනවා.

මට මතක් වන්නේ වකුගඩු රෝගය සම්බන්ධ අපේ ආසනික් දැනුම. එහි දී නාථ දෙවි නමින් හැඳින්වූ ප්‍රාණියකු සමග සන්නිවේදනය කිරීම ගැන කෙතරම් විරුද්ධතාවක් පැන නැගුණා ද? ඊනියා විද්‍යාඥයන් හා ජනමාධ්‍ය අප කොන් කළා. තවමත් බොහෝ ජාතිකවාදීන් යැයි කියාගන්නා අය ද මා ප්‍රතික්‍ෂෙප කරනවා. ඔවුන් මගේ ආචාර්ය උපාධියත් ප්‍රශ්න කළා. අප රටේ ඉන්නේ අනුකාරක විද්‍යාඥයන් කිහිප දෙනකු පමණයි. ලංකාවේ හරිහමන් විද්‍යාඥයකු නැහැ. ඒ නිසා ම අපේ විශ්වවිද්‍යාලයක අපේ දැනුම ලබාගන්නා ක්‍රම යොදා ගන්නා ආයතනයක් නොව ඒකකයක් පිහිටුවා ගැනීමට අවසර ලැබේවි ද?

විජය පැමිණීමට පෙර ඉතිහාසය දැනගැනීමට පංචෙන්ද්‍රියයන්ට හසු නොවන ක්‍රම ද යොදා ගැනීමට අපට නොහැකි ද? මහාවංශය ඒ ගැන සඳහන් නොකිරීම නිසාත් විජයට පෙර ලංකාවේ මිනිසුන් සිටි නිසාත් සිංහලයන් තම ඉතිහාසය විජයට සීමාකර ඇති නිසාත් දෙමළ ජනයා විජයට පෙර තම ඉතිහාසයක් ගැන කියනවා. අද ඉන්දියාව කියන රටේ සිට සිංහයන් ශාක්‍යයන් වංගයන් හා නොයෙකුත් ජනවර්ග ලංකාවට පැමිණෙන්න ඇති. ඔවුන් පැමිණෙන්න කලින් මේ රටේ හිටියෙ සංස්කෘතියක් නැති මිනිසුන්ය කියලා කියනවා නම් ඒ අපේ නොවන අධිපතිවාදී දැක්මකින්. ඔවුන් පැමිණ මෙරට සිටි වැසියන් සමග සටන් කර මිශ්‍ර වී ජාතියක් ගොඩනගා ගෙන තිබෙනවා.

දෙමළ මිනිසුන් මෙරට අනාදිමත් කාලයක් තිස්සෙ ජීවත් වී නැති බවට හොඳම උදාහරණය තමයි ඔවුන්ගෙ භාෂාව හා ආකල්ප. ලංකාවේ දෙමළ භාෂාව තමිල්නාඩුවේ දෙමළ භාෂාවෙන් වෙනස්වන්නේ මලයාලම් වචන වැඩිපුර භාවිතයෙන්. ඒ කේරළයෙන් පැමිණි ජනයාගේ ආභාසයෙන්. ලංකාවේ ම දෙමළ භාෂාවේ වූ විකාශය කුමක් ද? අවුරුදු දහස් ගණනක් එසේ තමිල්නාඩු දෙමළ සමග වෙනස් නොවී පැවතිය හැකි ද? දකුණු ඉන්දියාවේ ම මලයාලම්, තෙළිඟු, කන්නදා භාෂා දෙමළ භාෂාවෙන් කෙතරම් වෙනස් විකාශයක් අත්කරගෙන ඇත් ද? ආකල්ප වශයෙන් ලංකාවේ දෙමළ ජනයා, අඩුම තරමෙන් වෙල්ලාලයන් නිජබිමක් ගැන මොන කතා කීව ද මව්බිම ලෙස සලකන්නේ  ලෙස සලකන්නේ තමිල්නාඩුවයි. විග්නේෂ්වරන් ම පසුගිය දවසක කියා තිබුණා ලංකාවේ දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇතිවුවහොත් ඉන්දියාව ඒ ගැන බලාගත යුතු ය කියා.

දෙමළ ජනයා කියන ඊශ්වර දේවාල හතර ගැන කියන්න ඇත්තේ මේ පෝල් පීරිස් මහතා කියා ඇතැයි කියන කරුණක් පදනම් කරගෙන කියන කතාවක් පමණයි. පෝල් පීරිස් මහතා එසේ කී තැනක් හා කී ප්‍රකාශය උපුටා දැක්වීමට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ දේවාල ගැන මටත් කතාවක් තියෙනවා. ඒක පස්සෙ කියමු. දැනට කීමට ඇත්තේ ඒ දේවාල මිස කෝවිල් නොවන බවත් දෙවියන් හා දේවාල සිංහල සංස්කෘතියේ බවත්, ඉසුරුමුණියේ ද ඊශ්වර කතාවක් තිබෙන බවත් පමණයි.

මේ ලිපිය තමන්ට අවශ්ය් පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.

__________________________________________________________________________________
2016.07.05 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you