ඉතිහාස ප්‍රවාදශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අවුරුදු දෙසීයයි

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අවුරුදු දෙසීයයි

-

නලින් ද සිල්වා

මහාචාර්ය නලින් ද සිල්වා

ඉතිහාසයේ කියැවෙන ආකාරයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අදට (2015 පෙබරවාරි 18) අවුරුදු දෙසියයක් පිරෙයි. මහින්ද රාජපක්‍ෂ ඉංගිරිසින්ට භාරදීමට ඇතැමුන් සැරසෙන්නේ කවදා ද? කෙසේ වෙතත් අද නුගේගොඩ පැවැත්වෙන රැස්වීම එය වැළැක්වීම සඳහා පමණක් නො වේ. ඔහු නැවතත් රාජ්‍ය නායකයා බවට පත්කර ගැනීම සඳහාත් ය. එහෙත් එයට ශ්‍රී ල නි පක්‍ෂයේ සහාය අවශ්‍ය වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය නොමැතිව ඒ කළ නො හැකි ය. වාසනාවකට ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව ම පක්‍ෂය යනු ඉහළ නිලතල දරණ අය නොවන බව අපි දනිමු. අනෙක් අතට පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ කටයුතු කරන, සංධානය බිඳ ගෙන ගිය, අවුරුදු පහළොවක් පමණ ක්‍රියාකාරී දේශපාලනයේ නොසිට හිඩැසක් දැක එය පිරවීමට එන, අයට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉඩක් ලැබේ යැයි ද සිතිය නො හැකි ය.

කවුරු කෙසේ කීවත් ඉතිහාසය ඒ ආකාරයෙන් ම නැවත නැවතත් සිදු නො වේ. අපට ඓතිහාසික සිදුවීම් අතර යම් සමානකම් දැකිය හැකි නමුත් අසමානකම් ද ඇති බව මොහොතකටවත් අමතක නොකළ යුතු ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දුර්වලකම් තිබී ඇත. එහෙත් මේ දුර්වලකම් ඇති කළෝ කවරහු ද? 1815 දී ඉංගිරිසින් මෙරට පාසල් ඇතිකර නො තිබණි. ඇතැම් විට ඇමරිකන් මිෂනාරිවරුන් යාපනයේ පාසලක් දෙකක් ඇතිකර තිබෙන්නට ඇත. එහෙත් ඉංගිරිසින්ට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තබා කොළඹ රාජකීය විද්‍යාලයවත් ඇතිකිරීමට තරම් කාලයක් නොතිබිණි. පොළොන්නරුවේ රාජකීය විද්‍යාලය ඇතිවීමට තිබුණේ ඉන් අවුරුදු එකසිය පනහකට පසුව ය. පාසල කුමක් වුවත් ලැබෙන්නේ බටහිරයන්ගේ අධ්‍යාපනයකි.

එහෙත් ඒ වන විටත් මෙරට ඉංගිරිසින්ගේ ඒජන්තයෝ ඔත්තුඔරකැවෝ  මෙරට සිටියෝ ය… කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ඔවුන්ගේ නායකයා විය. එකල සිවිල් සේවය නොතිබුණත් ඔහු  එහි පුරෝගාමියෙක් විය. රජු දුසිරිතට පෙළඹවීමත් ඔහු රදළ නායකයන්ගෙන් ඈත්කර ඔවුනොවුන් කෙටවීමත් ඩොයිලි හා සගයන්ගේ කාර්යභාරය විය. රජුට විරුද්ධව නොයෙකුත් කටකතා පතුරවනු ලැබිණි. එකල මුහුණක් නැති මුහුණු පොත් නොතිබුණත් මුහුණක් නැති කටකතා ප්‍රචාරකයෝ සිටියහ. අද කටකතා සයිබර් අවකාශයෙහි පැතිර යයි. ප්‍රචාරය කෙසේ සිදුවුවත් කටකතා යනු කටකතා ම ය.

රදළ නායකයෝ රජු කෙරෙහි බිඳුණහ. ඔවුහු රජුට විරුද්ධ ව නැගී සිටියහ. ඉංගිරිසින්ගේ ආධාරයෙන් රජවීමට ඇතැම් නායකයෝ බලා සිටියහ. ඒ සියල්ලෝ ම එකතු වී රජු ඉංගිරිසින්ට භාරදුන්හ. මාර්තු දෙවැනි දා ඉංගිරිසිහු ගිවිසුමක් මගින් රට අත්පත් කරගත්හ. රදළ නායකයන්ට ලැබුණු රජකමක් ද නැත. අපට රජෙක් නැති විය. කංකුනාවේ හාමුදුරුවෝ අ්නේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ ආදී වශයෙන් කවි ලියූහ.

එකළ වෙල්ලාලයන් සිටිය ද ක්‍රියාකාරී දේශපාලනයෙහි දෙමළ ජාතිවාදයක් නො වී ය. දෙමළ ජාතිවාදය 1833 දී නිල වශයෙන් ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබිණි. එය දෙමළ බෙදුම්වාදය බවටත් පසුව දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විණි. ඉංගිරිසිහු දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වයට විරුද්ධ ව යොදා ගත්හ. චන්ද්‍රිකාට හා රනිල්ට අවශ්‍ය වූයේ දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කීිරීම නොව ඉංගිරිසින්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී ඊනියා සාමයක් පවත්වාගෙන යෑම ය. ඔවුන්ට දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම පිළිබඳ හැඟීමක්වත් නො වී ය. අද ඇතැම් ඇමතිවරුන් හා ඇමතිනියන් රනිල් ඊනියා යුද්ධයට තිත තබා සාමය ඇතිකිරීමට උත්සාහ ගත්තේ යැයි කියන්නේ ඊනියා සටන් විරාම ගිවිසුම් මගින් උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජතිවාදයට පාවා දීමට කටයුතු කිරීමට ය.

මහින්ද රාජපක්‍ෂගේ දේශපාල නායකත්වයෙන් 2009 දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. එය බටහිරයන්ට විරුද්ධව ගොස් කෙරුණකි. තවමත් දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට ඇත. රනිල්ටවත් චන්ද්‍රිකාටවත් මෛත්‍රීපාලටවත් එය කළ නො හැකි ය. මහින්දට එය කළ හැකි ය. එබැවින් ඉංගිරිසින්ගේ පාසල්වල ඉගෙන ගත් අයට අද මහින්ද ඉංගිරිසින්ට (බටහිරයන්ට) පාවා දීමට අවශ්‍ය වෙයි. ඔවුන්ට රජකම අවශ්‍ය නැති බව කීවත් බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සුවච කීකරු සේවක සාමාන්‍ය මිනිසුන් ලෙස සිටිමින් ජනාධිපතිකම් අගමැතිකම් කිරීමට අවශ්‍ය වෙයි. මහනුවර රදළයන්ට සිද වු පරිදි ඔවුන්ට ද කිසි දිනෙක රජකමක් තබා ස්වාධීන ජනාධිපතිකමක්වත් අගමැතිකමක්වත් නො ලැබෙනු ඇත. ඔවුන්ට කුමක් සිදුවූවත් අපට කමක් නැත. එහෙත් ඒ මගින් අප අපේ ස්වෛරීභාවය නැතිකර ගත යුතු නො වේ.

සයිබර් කටකතා මගින් බොරු  බේගල් පතුරවා ඊනියා මහින්ද රෙජිමය පැරදවීමට බටහිරයෝ සමත්වූහ. අපි මහින්ද බටහිරයන්ට පාවා දීමට බටහිරයන්ගේ නියෝජිතයන්ට ඉඩ නොදෙමු යැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවා දී වසර දෙසියයක් ගතවන අද දිනයේ දී තීරණය කරමු.

__________________________________________________________________________________
2015.02.18 දින www1.kalaya.org වෙබ් අඩවියේ පළ වූ මෙම ලිපිය
2019.12.19 දින www.history.lk වෙබ් අඩවියේ පළ විය.
__________________________________________________________________________________

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි...

සිංහල බෞද්ධ සංස්කෘතිය

නලින් ද සිල්වා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට...

සීගිරිය කුරුටු ගෑම

නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...

You might also likeRELATED
Recommended to you